Thursday, April 5, 2012

”දෙවැනි බුදුන් ලෙස ලොව මැවු අම්මා”


අම්මා යනු කවුරුන්ද?”කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා”ගැහැණියකට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්.ඒ වුනාට එය මව් පදවියක් කර ගන්න.ඒ මව්පදවිය ආරක්ෂා කර ගැනීම තමා කරමක් අපහසු.
ගමේ කමට-අපේ මට-අපේ ආරෙට හැදුණු අම්මලා එදා හිටියේ.අදත් ඒ වගේ අම්මලා ගමේත් නගරයෙත් ඉන්නවා.කළමනාකරණ දැනුම-ලෙන්ගතු හිනාව-ආගන්තුක සත්කාරය-දාරක ප්රේඒමය-පති භක්තිය-අරපිරිමැස්ම ඇය මැනවින් දැන සිටියා.මා දුටු හොදම අම්මා,හොදම ගැහැණිය,හොදම ගුරුවරිය මගේ අම්මා.ගෙමිදුලේ සුවද පැතිරෙන මල් ගස් ටික-සාලයේ බුලත් හෙප්පු-දීසියේ කැකුළු හාලේ බත් ටික,ඇගේ නිවසේ කිසිදිනක වැරදුනේ නැත.ඇය තුළ තිබුණු දාරක ප්රේුමය ආගම දහම තුළින් ලැබූ අධ්යා ත්මික සුවය-අසල් වාසීන්ට නිහඩව කල සමාජ මෙහෙවරකින් ලැබූ සතුට කෙසේ විග්රේහ කරම්ද?
බෝසත්වරුන්ට බුදුවෙන්න මුලින්ම විවරණ දුන්නේ අම්මා ගෙදර බුදුන් ද අම්මාය.මලපත නොදත් අම්මා කෙනෙකු උගත් දරුවන් ඉදිරියේ ගුරුවරියකි.ඇගිලි අත්සන තබන මලපත අකුරු නොදත් අපේ අම්මලාට ප්ර ඥාව පහළ කරගන්න පුළුවන්.මිනිසත් බව ලැබීමේ දුෂ්කරතාව ද බුදුදහමේ පෙන්වා දී ඇත.”දුර්ලභංච මනුස්සානං”දුර්ලබ වූ මිනිස් උපතකට ඔබේ මව්කුස ඉඩදුන් නිසයි ඔබ අම්මා කෙනෙකු උනේ.

අම්මා අප සියල්ලන්ගේම ජීවයයි.එහෙයින් ඇය ජනනී යන නමින්ද හදුන්වා ඇත. දසමාසයක් කුස දරා අප මෙලොවට බිහ කළ ඇය අපගේ කැතකුණු අතගගා අපව පෝෂණය කළාය. ඇය අපට නිසි අධ්යාඅපනයක් ලබා දී අපව යහමග යවන්නීය. නිරතුරුවම අප අසලින් හිද සුදුසු අවස්ථාවේ ගුරුහරුකම් ලබාදී අපව යහපත් පුරවැසියන් කරන්නට වෙහෙසෙයි. මේ මිහිපිට ඇති උතුම්ම වස්තුව අම්මාය.ඇය දරුවන්ට ආදරය,ආරක්ෂාව නොඅඩුව ලබා දෙන්නීය. අපට ලෙඩක් දුකක් සෑදුණු විට කදුළු සලමින් අප හිස අත ගාමින් දිවා රැ නිදි වරන්නේ අම්මාය. ලොවට ආදරයේ උල්පත අම්මාය. ඒ නිසාම ඇය තුල ආදරය,සෙනෙහස පිරී තිබේ. දෙමාපියන් පුබ්බ චරියා යන නමින් හදුන්වා ඇත්තේ අපගේ කෑමබීම ගැනීම,ඉරියව් පැවැත්වීම,භාෂාව හැසිරවීම ආදියෙහි මූලික ගුරුවරුන් වන බැවිනි. මවකගේ ගුණ සැබැවින්ම මෙලෙස වචන වලට පමණක් සීමා කළ නොහැකිය. ඇගේ ගුණ වර්ණනා කිරීමට අපට සිංහල හෝඩියේ අකුරු මදි තරම්ය. දරුවෙකුට මවගේ සෙනෙහස තරම් එයට සමකළ හැකි වෙනත් පුද්ගලයෙකු නොමැති තරම්ය. අප ලොවට දායාද කළ සදාදර මෑණියනි,අපි ඔබට අදත් හෙටත් මතුවටත් සදා රැකවරණය ලබා දෙන්නෙමු. ඔබේ ආශිර්වාදය අපට මහගු ශක්තියකි.